Press "Enter" to skip to content

ගාල්ලේ සියලුම පාසල් නැවත දැනුම් දෙන තුරු වසා දමයි

අයහපත් සෞඛ්‍ය තත්වය හේතුවෙන් ගාල්ල අධ්‍යාපන කොට්ඨාසයේ සියලුම පාසල් හෙට (07) සිට නැවත දැනුම් දෙන තුරු වසා තැබීමට තීරණය කල බව දකුණු පලාත් අධ්‍යාපන ලේකම් රංජිත් යාපා මහතා පැවසීය.

දකුණු පලාත් ආණ්ඩුකාර විලී ගමගේ මහතාගේ උපදෙස් මත එම තීරණය ගනු ලැබූ බවත් එම අධ්‍යාපන කොට්ඨාසයේ පාසල් නැවත ආරම්භ කරන දිනය පසුව දැනුම් දෙන බවත් යාපා මහතා වැඩිදුරටත් කීය.

විශේෂයෙන්ම ගාල්ල ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයන් හමු වීමට පටන් ගැනීමත් සමග ගාල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ ඇත්තිලිගොඩ දකුණ, මකුළුව, දෙද්දුගොඩ, උතුර, තලාපිටිය හා මිලිද්දුව යන ග්‍රාම නිලධාරී වසම් පහකට සංචරණ සීමා ද පනවා තිබිණි.

More from GossipMore posts in Gossip »