සංචරණ සිමා පනවා ඇති හැටන් නෝටන්බ්‍රිජ් දඬුකැලේවත්තෙන් ඊයේ දිනයේදී (05) කොරෝනා අසාදනයන් 16 දෙනෙකු පී.සී.ආර් පරික්ෂණ වාර්තා අනුව තහවුරු වූ බව අඹගමුව කොවිඩ් 19 ප්‍රාදේශිය සම්බන්ධිකරණ විශේෂ ඒකකයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් පැවසිය.
කොරෝනා අසාදනය වූ අය අතර පිරිමි 07 දෙනෙකු සහ කාන්තාවන් 09 දෙනෙකු සිටින බවත්, එම කාන්තාවන් අතර ගැබිණි කාන්තාවක මෙන් ම වයස අවු 16 ට අඩු පාසල් සිසුන් දෙදෙනෙකු සහ සිසුවියන් දෙදෙනෙකු ද සිටින බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසීය.
ඊයේ (04) දින එම ප්‍රදේශයෙන් කොරෝනා අසාදනය වූ එක ම පවුලේ තිදෙනෙකු මාතර කඹුරුගමුව නිරෝධායන මධ්‍යස්ථානය කරා යොමු කර ඇති අතර , අද (05) දිනයේ කොරෝනා අසාදනය වූ අසාදිතයන් අතර එක ම පවුලේ කිහිප දෙනෙකු සිටින බව මහජන සෞඛ්‍යය පරීක්ෂකවරුන් සඳහන් කළේය.
සංචරණ සිමා පනවා ඇති නෝටන්බ්‍රිජ් දඬුකැලේ වතුයායේ කොරෝනා අසාදිතයන් මේ වන විට 26 දෙනෙකු හමුවී ඇති බවත්, අසාදිතයන් හමු වු වතු නිවාස පේලි දෙකේ එම අසාදිතයන්ගේ ආශ්‍රිතයන් 35 දෙනෙකු ස්වයං නිරෝධනයට යොමු කර ඇත.






