Press "Enter" to skip to content

උත්සව සමයේ සාප්පු සවාරිය අවධානම් බව සෞඛ්‍ය අංශ කියයි

නත්තල් හා අළුත් අවුරුදු සමය ඉලක්ක කර ගනිමින් සාප්පු සවාරිවල යෙදීම අවධානම් බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා.

හඳුනා නොගත් කොවිඩ් ආසාදිතයින් සමාජය තුල සිටිය හැකි බැවින් මහජනතාව මෙවර උත්සව සමය ඉලක්ක කර ගනිමින් සාප්පු සවාරියේ යෙදීමේ දී වෛරසයට නිරාවරණය වීමේ අවධානමක් පවතින බවයි අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානි විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර සඳහන් කර සිටියේ.

More from GossipMore posts in Gossip »