එගොඩඋයන – නව ගාලුපාරේ පදික මාරුවකදී යතුරුපැදියක ගැටී කුඩා දැරියන් දෙදෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඊයේ රාත්‍රි 10 ට පමණ මෙම අනතුර සිදුව ඇති අතර, ගැබිණි කාන්තාවක් සහ වයස අවුරුදු 7 ක හා අවුරුද්දක ඇගේ දියණියන් දෙදෙනා මෙලෙස අනතුරට ලක්වී ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ.
බරපතල තුවාල ලැබූ එම තුන්දෙනා පානදුර රෝහලට ඇතුළත් කිරීමේදී දැරියන් දෙදෙනා මියගොස් ඇති අතර, බරපතල තුවාල ලැබූ කාන්තාව වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා.
අනතුර සිදුකළ යතුරුපැදිකරු අත්අඩංගුවට ගනු ලැබූ බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය වැඩිදුරටත් සඳහන් කළා.






