Press "Enter" to skip to content

මහනුවරින් කොවිඩ් ආසාදිතයින් 91ක්

මෙරට සමස්ත කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව 26,500 ඉක්මවා ගොස් තිබේ.

ඊයේ (04) දිනයේ කොවිඩ් -19 ආසාදිතයින් 521 දෙනෙකු අලුතින් හඳුනාගත් අතර ඉන් 517 දෙනෙකු වාර්තා වී තිබුණේ මෙරට තුළින් හඳුනාගත් ආසාදිතයින් ලෙසය. තවත් 03 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයන් ය. අනෙක් පුද්ගලයා විදේශගතව සිට මෙරටට පැමිණි විදේශිකයෙකි.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව 26,559 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.

මේ අතර ඊයේ හඳුනාගත් කොවිඩ් ආසාදිතයින් අතරින් වැඩිම පිරිසක් වාර්තා වී තිබුණේ කොළඹ දිස්ත්‍රික්කයෙනි. එම සංඛ්‍යාව 342කි.

මහනුවර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 91 දෙනෙකු සහ කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 44 දෙනෙකු වාර්තා වී තිබුණි.

More from GossipMore posts in Gossip »