ඉතා ගුණාත්මක බව හඟවමින් වෙළඳපළ තුළ KN95 හා N95 මුහුණු ආවරණ අලෙවි වෙමින් ඇති බවත් ඊටවඩා මෙරට තුල ප්‍රමිතිගතව නිර්මාණය වන සර්ජිකල් ෆේස් මාස්ක් කාර්යක්ෂම බවින් ඉහළ බව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අධ්යක්ෂ ජෙනරාල් ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය කමල් ජයසිංහ මහතා සඳහන් කරයි.
මෙම මුහුණු ආවරණ සෞඛ්‍ය අංශ සඳහා භාවිතා වන N95 හා KN95 මාස්ක් නොවන බවද වාර්තා වේ.
මෙම නම්වලින් වෙළඳපොලේ ඇත්තේ බාල ප්‍රමිතියකින් යුත් මුහුණු ආවරණ බවද වෛද්‍ය කමල් ජයසිංහ මහතා පවසයි.
මේ වන විට සායනික මුහුණු ආවරණ (Surgical mask) එකක් රුපියල් 15ක් ලෙසද KN95 මුහුණු ආවරණයක මිල රුපියල් 95ක් මිල නියම කර ඇති බව පැවසේ.
ෆේස් මාස්ක් යනු කොරෝනා වසංගතය හේතුවෙන් ලෝකයේ වඩාත්ම දියුණුවට පත්වූ ව්‍යාපාරයක් වන අතර එය මේ වනවිට ව්‍යාපාරයකට එහා ගිය ජාවාරමක් බවට පත්ව ඇති බව දැකගන්නට තිබේ.






