Press "Enter" to skip to content

නාවික සෙබලුන් 5 දෙනෙකුට කොවිඩ්

බුස්ස නිපුන නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙමින් සිටි නාවික සෙබලුන් 05 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බැව් ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ සිංගාරච්චි මහතා පවසයි.

මිට පෙර කොරෝනා වෛරසය ආසාදනය වු නාවික සෙබලාගේ පළමුපෙළ ආශ්‍රිතයින් 85 දෙනෙකු පි.සි.ආර් පරික්ෂණයට ලක්කළ බවත් අද (05)අලුයම ලැබුණු පි.සි.ආර් පරික්ෂණ වාර්තා අනුව නාවික සෙබලුන් 05 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරුවි ඇති බවද ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥවරයා පවසයි.

මෙකි නාවික සෙබලුන් 05 දෙනාගේ පළමුපෙළ ආශ්‍රිතයින් සොයා දින 14ක කාලයක් නිරෝධායනය කිරිමට කටයුතු කරන බවද ඒ මහතා පවසයි.

ආසාදිත නාවික සෙබලුන් 05 දෙනා හම්බන්තොට රෝහල වෙත පිටත්කර යැවිමට කටයුතු කරඇති බවද ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥවරයා පවසයි.

More from GossipMore posts in Gossip »