Press "Enter" to skip to content

අලුත්ගම දර්ගානගරයේ ඇගළුම්හලක් හා වෙළෙඳසැල් හයක් වසා දමයි

අලුත්ගම පොලිස් බල ප්‍රදේශයට අයත් දර්ගානගරය ප්‍රදේශයේ ද (01)දා සිදු කළ අහඹු පී.සී.ආර් පරීක්ෂණයකින් කොරෝනා ආසාදිත පුද්ගලයන් 14දෙනකු වාර්තා වී ඇතැයි බේරුවල සෞඛ්‍ය වෛද්‍ය වරුණ සෙනෙවිරත්න මහතා අද (04) පැවසීය.

මෙලෙස හමුවූ ආසාදිතයන් අතර දර්ගානගරයේ ඇඟලුම් හලක සේවය කළ කාන්තාවන් තිදෙනකු ද සිටින අතර සෙසු පුද්ගලයන් දර්ගානගරයේ පදිංචි පිරිමි අය බව කියයි.

කාන්තාවන් තිදෙනා ආසාදිත බව හඳුනාගත් එම ඇඟලුම් හලේ සෙසු සේවක සේවිකාවන් නිවෙස් තුළ නිරෝධායනයට ලක් කර එම ඇඟලුම් හල වසා දැමීමට කටයුතු කළ බව කියයි.

මේ අතර දර්ගානගරයේ ආසාදිතයකු ගිය බව කියන වෙළඳසැල් 6 ක් ද වසා දමා එම වෙළෙඳසැල්හි සේවක පිරිස් ද ඔවුන්ගේ නිවෙස් තුළ නිරෝධායනයට ලක්කර තිබෙන බව කියයි.

අද (04) හමුවූ ආසාදිතයන් පිරිසක් සමග බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ සමස්ත කොවිඩ් 19 ආසාදිත පුද්ගල සංඛ්‍යාව 112ක් වන බව බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා පැවසීය. තවද අලුත්ගම පොලිසියේ කොවිඩ් වැළැක්වීමේ එකකයේ නිලධාරීන් නිරන්තර ජනතාව දැනුවත් කිරීමද සිදු කරන බව කියයි.

More from GossipMore posts in Gossip »