හුදෙකලා කර ඇති බණ්ඩාරගම අටලුගම ප්‍රදේශයේ දී කොවිඩ් ආසාදිතයකු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයකුට කෙළ ගැසීමේ සිද්ධියක් සමග එම ප්‍රදේශයේ පීසීආර් පරීක්ෂණ සිදු කිරීමේ ක්‍රියාවලියෙන් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය ඉවත් වී තිබේ.
එහි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනී වෛද්‍ය හිමේෂා රත්නවීර ප්‍රකාශ කළේ ආසාදිතයකු රැගෙන ඒමට ගිය කැබ් රථයේ දොර විවෘත කර එහි සිටි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයකුට එම ආසාදිතයා කෙළ ගසා ඇති බවය.
එමෙන්ම එම ආසාදිතයා කුමන හෝ ආකාරයකින් අතර මැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයකට රැගෙන යෑමට කටයුතු කරන බවත් සෞඛ්‍ය බලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම හේතුවෙන් ඔහුට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් වෛද්‍යවරිය සඳහන් කළාය.
කෙළ ගැසූ සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කරන්නැයි නියෝග
බණ්ඩාරගම අටලූගම ප්‍රදේශයේදී රාජකාරිය සදහා පැමිණි මහජන සෞඛ්‍ය පරික්ෂකවරයෙකුට කෙළ ගැසීමේ සිද්ධියේ සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කරන ලෙස අධිකරණය නියෝග කර තිබේ.
සැකකරු මේවනවිට කොරෝනා ආසාදිතයෙකු බැවින් ඔහුගේ රෝගී තත්වය පහව ගිය පසු අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළේය.






