අටලුගම ප්‍රදේශයේ ජනතාව සෞඛ්‍ය අංශ වෙත සහයෝගය දක්වා ඔවුන්ගේ ප්‍රදේශය ආරක්ෂා කරගැනීමට කටයුතු නොකරන්නේ නම් කාලයක් හුදකලා කිරීමකට ලක්විය හැකි බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
අත්තනෝමතික ලෙස ජීවත්වන පිරිසකගේ ක්‍රියාවන් හේතුවෙන් සමස්ථ කළුතර දිස්ත්‍රික්කයටම තර්ජනයක් ඇති කිරීමට කිසිසේත් ඉඩ නොදෙන බවද යුද හමුදාපතිවරයා පැවසීය.
“ඔවුන්ගේ ප්‍රදේශය, ඔවුන්ගේ ජනතාව ආරක්ෂා කරගන්නට ඔවුන්ම කටයුතු කළ යුතුයි. එහෙම නොකළොත් බොහෝදුරට අටලුගම කාලයක් හුදකලාවට ලක්කිරීමට සිද්ධ වෙයි. එක ගම්මානයක ජීවත්වන පිරිසකගේ අත්තනෝමතික ක්‍රමවේදයන් හින්දා අවට නගරවලටත් කළුතර දිස්ත්‍රික්කයටත් තර්ජනයක් ඇතිවීමට අපි කිසිසේත් අවස්ථාවක් ලබාදෙන්නේ නෑ.” යනුවෙන් ද ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේය.






