ගාල්ල සවුත්ලන්ඩ්ස් විද්‍යාලයේ ගුරුවරියකගේ ස්වාමිපුරුෂයා කොවිඩ් -19 ආසාදිතයෙකු බවට තහවුරු වී තිබේ.
ඒ සමග පාසල විෂබීජහරණයකර නිශ්චිත සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ සාමාන්‍ය පරිදි කටයුතු කිරීමට පියවර ගත් බව එහි විදුහල්පතිනි සන්ධ්‍යා පතිරණවසම් මහත්මිය පැවසුවාය.
එහිදී ඇය වැඩිදුරටත් පෙන්වා දුන්නේ, “ඒ ගුරුවරියගේ ස්වාමිපුරුෂයාට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව දැනගත් වහාම අපි සමස්ත පාසලම විෂබීජහරණයට ලක් කළා. ඒ වගේම ඒ ගුරුවරිය ආශ්‍රිතව හිටපු ගුරුවරු කිහිපදෙනාටම නිවසේ නවතින්න කියලා උපදෙස් දුන්නා. දැනට පාසල සියලු ඉගැන්වීම් කටයුතු සඳහා පාසල තුළ සුරක්ෂිතයි. පැමිණෙන දරුවන්ට අපි ඉගැන්වීම් කරනවා. දරුවන්ගේ පැමිණීමේ අඩුවක් තිබෙනවා. නමුත් පාසල සුරක්ෂිතයි. ගුරුවරු උගන්වන්න සූදානම්,” යනුවෙනි.






