Press "Enter" to skip to content

‘දැන් හමුවන කොරෝනාවෛරසය ව්‍යාප්ත වීම ඉතා අවමයි’ – GMOA

කොළඹ නගර සභා සීමාවේ පිහිටි මහල් නිවාස ආශ්‍රීතව වාර්තා වන නව කොරෝනා ආසාදිතයින්ගේ පී.සී.ආර්. පරීක්ෂණ සාම්පල සලකා බැලීමේදි කොරෝනා වෛරස සාන්ද්‍රණය කැපී පෙනෙන ලෙස අඩු වී ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

එහි සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවසුවේ, මේ හේතුවෙන් වෛරසය ව්‍යාප්ත වීම ඉතා අඩු මට්ටමක පවතින බවය.

මේ තත්ත්වය ඉතා සතුටුදායක බවත් ඒ් පිළිබඳව කරුණු සලකා බලා දැනට හුදකලා කර ඇති ප්‍රදේශ ඉඩ ලැබෙන පළමු අවස්ථාවේදී හුදකලා බවින් ඉවත් කළ යුතු බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය රජයට යෝජනා කරන බවත් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කළේය.

More from GossipMore posts in Gossip »