Press "Enter" to skip to content

අටලුගම කොවිඩ් ආසාදිතයෙක් PHIගේ මුහුණට කෙළ ගසයි

අටලුගම ප්‍ර දේශයේ කොවිඩ් ආසාදිතයෙක් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුගේ රාජකාරයට බාධා කරමින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගේ මුහුණට කෙළ ගසා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.

“බණ්ඩාරගම අටලුගම ප්‍ර දේශයේ රාජකාරී කළ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුගේ රාජකාරියට බාධාකිරීමක් පිළිබඳව තොරතුරු වාර්තා වෙනවා. අදාළ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා කොවිඩ් ආසාදිත වූ රෝගියෙකු ප්‍රතිකාර සඳහා රෝහල්ගත කිරීමට රැගෙන යාමේදී මෙම සිදුවීම සිදුවූ බවට තොරතුරු වාර්තා වෙනවා.

අදාළ රෝගියා ප්‍රතිකාර සඳහා රැගෙන යාමට උත්සාහ කිරීමේදී මහජන සෞඛය පරීක්ෂකවරයාගෙන් මුහුණට කෙළ ගැසීමක් වාර්තා වෙනවා. සිදුවීම සම්බන්ධයෙන් බණ්ඩාරගම පොලීසිය පුළුල්ල පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

More from GossipMore posts in Gossip »