මරිජුවානා, කැනබීස්, කංසා ආදී විවිධ නම්වලින් හඳුන්වන ගංජා දැඩි පාලනය සහිත මත්ද්‍රව්‍ය කාණ්ඩයෙන් ඉවත් කිරීමට ජගත් සංවිධානයේ ඖෂධ නියෝජිතායතනය තීරණය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
වියෙනා නුවර පැවති එහි වාර්ෂික සම්මේලනයේදී සාමාජික රටවල් අතර පැවති ඡන්දයෙන් 27 ට 25 ක් ලෙස ඊට අනුමැතිය හිවී තිබේ.
ඡන්දය පැවැත්වුණේ පර්යේෂණ සහ වෛද්‍ය භාවිතයට ගංජා පුළුල් වශයෙන් යොදා ගැනීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය කළ ඉල්ලීමකට අනුවය.
ගංජා පර්යේෂණ හා වෛද්‍ය භාවිතය උදෙසා සංවර්ධනය කිරීමට පවතින බාධාවන් ඉවත් කළ යුතු බවට පසුගිය වසරේදී ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශයක් ඉදිරිපත් කර ඇතැ බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.






