Press "Enter" to skip to content

කුරුණෑගල ව්‍යාපාරික ස්ථානයකින් කොවිඩ් ආසාදිතයින් 11ක්

කුරුණෑගල නගරයේ මහ වීදිය ප්‍රදේශයේ ව්‍යාපාරික ස්ථානයකින් කොවිඩ්-19 වෛරස ආසාදිතයින් 11දෙනෙකු හදුනාගෙන තිබේ.

පසුගිය 30 වැනිදා කුරුණෑගල නගරයේ ස්ථාන කිහිපයක පුද්ගලයින් තෝරාගෙන පී.සී.ආර්. පරීක්ෂණ සිදුකළ බවත්, එහි ප්‍රතිඵල වලින් මොවුන් හදුනාගත් බව කුරුණෑගල මහ නගර සභාවේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි.

එම නගරයේ ව්‍යාපාරික ස්ථානයකින් එක්වර ආසාදිතයින් 11දෙනෙකු හමුවූ ප්‍රථම අවස්ථාව මෙය බව ද එම කාර්යාලය සදහන් කරයි.

අදාළ ව්‍යාපාරික ස්ථානයෙන් මීට පෙර ද කොවිඩ් ආසාදිතයෙකු හමුවී ඇත.

මේ අතර කුරුණෑගල මහ වීදිය සහ ඒ අවට අනෙකුත් වීදි ආශ්‍රිත ව්‍යාපාරික ස්ථානවල සේවකයින් 42දෙනෙකු කොරෝනා ආසාදිතයින් බවට තහවුරු වී තිබේ.

More from GossipMore posts in Gossip »