Press "Enter" to skip to content

කොරෝනා සුව වූ පසුත් පෙනහළුවලට හානි

කොරෝනා ආසාදිත පුද්ගලයින් සුවවීමෙන් මාස තුනකට අධික කාලයකට පසුව ද ආසාදිතයාගේ පෙනහළුවලට හානි සිදු විය හැකි බව එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් සරසවියේ පර්යේෂකයන් කණ්ඩායමක් විසින් සිදු කරන ලද නවතම අධ්‍යයනයකදී අනාවරණය වී තිබේ.

මෙම පර්යේෂණයට කොරෝනා ආසාදිතයින් 10දෙනෙකු යොදා ගෙන ඇත.

නවතම ස්කෑන් තාක්ෂණය ඔස්සේ එම ආසාදිතයන්ගේ පෙනහළු පරීක්ෂාවට ලක් කර ඇති අතර එහිදී සිදුකල ස්කෑන් පරීක්ෂණවල ප්‍රතිඵලවලට අනුව සම්ප්‍රදායික ස්කෑන් පරීක්ෂාවන්ට හසු නොවන ආකාරයේ පෙණහලූ හානියක් ආසාදිතයන්ට සිදුව තිබූ බව පර්යේෂකයෝ හඳුනා ගෙන ඇත.

මෙහිදී කොරෝනා ආසාදිතයන්ගේ පෙණහලූවලට සිදුව ඇති හානිය හඳුනාගැනීම සඳහා සිදු කරන ලද එම්.ආර්.අයි. ස්කෑන් පරීක්ෂණ ‘සිනොන්’ නමැති වායුව යොදාගෙන සිදු කර ඇත.

More from GossipMore posts in Gossip »