Press "Enter" to skip to content

කරාපිටිය වෛද්‍ය පිඨයේ වෛද්‍ය සිසුවියකට කොරෝනා

ගාල්ල කරාපිටිය වෛද්‍ය පිඨයේ අවසාන වසරේ ඉගෙනුම ලබන වෛද්‍ය සිසුවියකට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට අද (02) තහවුරුවි ඇති බැව් ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ සිංගාරච්චි මහතා පවසයි.

මෙකි වෛද්‍ය සිසුවිය පානදුර කෙසෙල්වත්ත ප්‍රදේශයේ පදිංචිකාරියකි. ඇයට ඇතිවු රෝග ලක්ෂණ හේතුවෙන් වෛද්‍ය සිසුවිය ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ බාහිර ප්‍රථිකාර අංශයට පැමිණ පි.සි.ආර් පරික්ෂණයක් සිදුකරගෙන ඇත.

එම පි.සි ආර් පරික්ෂණ වාර්තාවේ ප්‍රථිපල අනුව ඇයට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරු වි ඇති බවද ප්‍රදේශිය වසංගත රෝග විද්‍යාඥවරයා පවසයි. මෙකි වෛද්‍ය සිසුවිය කොග්ගල හෝටලයක පවත්වාගෙන යන කොරෝනා අතරමැදි ප්‍රථිකාර මධ්‍යස්ථානය වෙත පිටත්කරයැවිමට කටයුතු කර ඇති බවද ඒ මහතා පවසයි.

මෙකි වෛද්‍ය සිසුවියගේ ආශ්‍රිතයින් හදුනාගෙන ඔවුන් නිරෝධායනය කිරිමට කටයුතු කරණ බවද ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥවරයා පවසයි.

More from GossipMore posts in Gossip »