Press "Enter" to skip to content

තාත්තාගේ ටයි පටියට ගෙල සිරවී මියගිය හම්සි

ටයි පටියක ගෙල සිරවීමෙන් යාපනය, පේදුරුතුඩුව, සාරෙයඩි ප්‍රදේශයේ දැරියක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ 9 හැවිරිදි හම්සි ශ්‍රී ධරන් නැමැති පාසල් සිසුවියකි.

මියගිය දැරිය සිය පියාගේ ටයි පටියක් ජනේලයක ගැට ගසා කිසියම් ක්‍රියාවක් සිදුකිරීමට යෑමේ දී ටයි පටිය ගෙලේ සිර වී ඇතැයි පොලීසිය පවසයි.

දෙමාපියන් නිවසින් බැහැරව ගොස් සිටිය දී ඊයේ (30) එම අනතුර සිදුව ඇති අතර, පසුව දෙමාපියන් නිවසට පැමිණි අවස්ථාවේ දැරිය දැක රෝහල්ගත කර තිබේ.

ඒ වන විටත් ඇය මියගොස් සිට ඇතැයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

පේදුරුතුඩුව රෝහල් අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා මළ සිරුර පරීක්ෂා කිරීමෙන් අනතුරුව ගෙල සිරවීමෙන් සිදුවු මරණයක් බවට තහවුරු කර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් පේදුරුතුඩුව පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

More from GossipMore posts in Gossip »