Press "Enter" to skip to content

කළුතර දිස්ත්‍රික්කයේ 1418කට කොවිඩ්

කලුතර දිස්ත්‍රික්කයේ හුදෙකලා කරන ලද ග්‍රාම සේවා වසම් හතෙන් කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් 325දෙනෙකු හදුනා ගෙන ඇති බව වාර්තා වේ.

ඒ අනුව කළුතර දිස්ත්‍රික්කයේ සමස්ථ කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව 1418ක් දක්වා ඉහළ ගොස් ඇත.

එම රෝගීන් අතර ගැබිණි මාතාවන් 24ක් හා වෙනත් රෝගාබාධ තිබෙන පුද්ගලයන් 17දෙනකු සිටින බව කළුතර දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය උදය රත්නායක මහතා පැවසීය.

අගලවත්ත 27ක් ,මතුගම 69ක් , වාද්දුව 82ක් ,පානදුර 101ක්, ඉංගිරිය 137ක් , හොරණ 160ක්, බණ්ඩාරගම 410ක් ,බුලත්සිංහල 68ක් ,වලල්ලාවිට 27ක්, පාලින්දනුවර 15ක්,දොඩම්ගොඩ 8ක්,මිල්ලනිය 82ක්, මදුරාවල 64ක්, කළුතර 77ක් ,හා බේරුවල 91ක් වශයෙන් ආසාදිතයන් වාර්තා වී ඇත .