Press "Enter" to skip to content

කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 294ක්

ඊයේ (01) දිනයේ දී මෙරටින් වාර්තා වු කොවිඩ් ආසාදිතයින් 545 දෙනාගෙන් ආසාදිතයින් 400 ඉක්මවු ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙනි.

එලෙස හඳුනාගනු ලැබු ආසාදිතයින්ගෙන් වැඩිම පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන බව කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.

එම ආසාදිතයින් ගණන 294 කි. කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 130ක් හා මහනුවර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 36ක් වාර්තා වේ.

ඊයේ දිනයේ වාර්තා වු සමස්ත ආසාදිතයින් ගණනින් 541ක් මෙරටින් හඳුනාගෙන ඇත.