ඊයේ වාර්තා වූ කොවිඩ් ආසාදිතයන් 503 දෙනාගෙන් 147ක්ම කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති බව කොවිඩ් පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය පවසයි.
මෙම පුද්ගලයන් 503 දෙනාගෙන් 496ක් දේශීයව හඳුනාගත් අය වන අතර සෙසු පුද්ගලයින් විදේශ රටවල සිට මෙරටට පැමිණි පුද්ගලයන් වෙයි.
ඊයේ හදුනාගත් ආංසාදිතයන්ගෙන් 130ක් ගම්පහින් වාර්තා වන අතර මහනුවරින් වාර්තා වන ආසාදිතයන් සංඛ්‍යාව 41කි.






