Press "Enter" to skip to content

නාගයෙකුට හාදුදෙන්න ගිය පුද්ගලයාට වැඩ වරදී – නාගයා දෂ්ඨ කිරීමෙන් ජිවිතක්ෂයට

යාපනය, වැල්වැටිතුරෙයි ප්‍රදේශයේදී පසුගිය 29 වැනිදා රාත්‍රියේ බීමතින් සිටි පුද්ගලයෙකු නයෙකු අල්ලා ගෙන එම නයා සමඟ විවිධ ක්‍රියාකාරම් කිරීමට ගිය පුද්ගලයෙකුට එම නයා දෂ්ඨ කිරීම හේතුවෙන් ජිවිතක්ෂයට පත්ව ඇති බව යාපනය වැල්වැටිතුරෙයි ප්‍රදේශවාසීන් පවසයි.

ප්‍රදේශවාසීන් පැවසූවේ මියගිය පුද්ගලයා බීමතින් සිටි අවස්ථාවක ගෙවත්තට නයෙකු පැමිණ ඇති අතර, අදාළ පුද්ගලයා නයා අල්ලා නයාට හාදුදීමට හා තවත් ක්‍රියාකාරකම් රැසක් සිදුකිරීමට ගොස් ඇති බවයි.

මියගිය පුද්ගලයා නයා අල්ලා විවිධ ක්‍රියාකාරකම් සිදුකොට අනතුරුව නයා කැළැවට විසිකොට නිදා ගැනීමට ගොස් ඇති අතර, අදාළ අවස්ථාවේ ශරීරයේ වේදනාවක් හටගැනීමෙන් අනතුරුව පේදුරුතුඩුව රෝහලට ඇතුළත් කොට ඇති බවද ප්‍රදේශවාසීන් පවසාසිටින්නේ.

රෝහල් ගත කිරීමෙන් අනතුරුව අදාළ පුද්ගලයා ජිවිතක්ෂයට පත්ව ඇති අතර, මියගිය පුද්ගලයාගේ මළ සිරුර සම්බන්ධයෙන් ඊයේ (30) සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී නයා දෂ්ඨ කිරීමෙන් ඇතිවූ නයි විෂ හේතුවෙන් මරණය සිදුව ඇති බවට අනාවරණය වි ඇති බවද ප්‍රදේශවාසීන් සඳහන් කරන්නේ.

More from GossipMore posts in Gossip »