Press "Enter" to skip to content

රාගම රෝහලට ඇතුලත් කළ රැඳවියන්ගෙන් 26කට කොවිඩ්

මහර බන්ධනාගාරය තුළ සිදුවූ ගැටුම්කාරී තත්ත්වයේදී තුවාල ලබා ප්‍රතිකාර සඳහා රාගම රෝහලට ඇතුළත් කළ රැඳවියන්ගෙන් පිරිසක් කොවිඩ් ආසාදිතයින් බව තහවුරු වී තිබෙනවා.

එම රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයා සඳහන් කලේ රෝහලට ඇතුළත් කළ රැඳවියන් 71 දෙනාගෙන් 48 දෙනෙකු සඳහා රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ කළ බවත් ඉන් 26 දෙනෙක් කොවිඩ් ආසාදිතයින් බවට ඉන් තහවුරු වූ බවයි.

ප්‍රතිකාර සඳහා ඇතුළත් කළ 71 දෙනාගෙන් 10 දෙනෙක්ගේ තත්ත්වය බරපතළ බව ද නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා තවදුරටත් සඳහන් කළා.

බන්ධානාගාරයේ රැඳවූවන් පිරිසකට කොවිඩ් වෛරසය ආසාදනය වීමත් සමඟ තවත් රැඳවූවන් පිරිසක් බන්ධනාගාරයෙන් පළායාමට උත්සාහ දැරීමේ සිද්ධියක් මුල්කර ගනිමින් බන්ධනාගාරය තුළ නොසන්සුන්කාරී තත්ත්වය හට ගනු ලැබුවා.

More from GossipMore posts in Gossip »