Press "Enter" to skip to content

මහර බන්ධනාගාරයේ රැඳවියන් 06 දෙනෙකු ජිවිතක්ෂයට

මහර බන්ධනාගාරය ආශ්‍රිතව ඇතිවූ කැරැල්ලෙන් රැඳවියන් 06 දෙනෙකු මියගොස් ඇති අතර රැඳවියන් 35 දෙනෙකු සහ බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කර සිටිනවා. තුවාල ලැබු රැඳවියන් සහ බන්ධනාගාර නිලධාරීන් රෝහල් ගත කර ඇති බවයි ඔහු වැඩිදුරත් සඳහන් කර සිටියේ.

මහර බන්ධනාගාරයේ සිටින රිමාන්ඩ් සිරකරුවන් විසින් පළමුව බන්ධනාගාරය තුල නොසන්සුන්තාවයක් ඇති කොට තිබෙන අතර පසුව එය කැරැල්ලක් දක්වා වර්ධනය වී තිබෙනවා. බන්ධනාගාරය තුල සිටි රැඳවියන් එහි සිටි නිලධාරීන් සිය ග්‍රහණයට නතු කර ගැනීමට තැත් කිරීමක් සහ තවත් පිරිසක් බන්ධනාගාරයෙන් පළා යාමට උත්සහ දරා ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටියේ.

බන්ධනාගාර නිලධාරීන් විසින් ඇතිවූ උණුසුම් තත්ත්වය පාලනය කිරීමට සිය අවම බලය යොදා ඇති බව නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේ.

බන්ධනාගාරය තුල සිටින රැඳවියන් විසින් ලේඛණාගාරය සහ මුළුතැන්ගෙය ඇතුළු ගොඩනැගිලි කිහිපයක් ගිනි තබා ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටියා.

More from GossipMore posts in Gossip »