මහනුවර ජාතික රෝහලේ උගුර කන නාසය ඒකකයේ කාර්‍ය මණ්ඩලයේ 18 දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇතැයි එම රෝහලේ අධ්‍යක්ෂිකා වෛද්‍ය ඉරේෂා ප්‍රනාන්දු මහත්මිය ප්‍රකාශ කළා.
එම හේතුවෙන් උගුර කන නාසය ඒකකය දින කිහිපයක් තාවකාලිකව වසා දැමීමට තීරණය කොට තිබේ.
පවතින තත්ත්වය හේතුවෙන් රෝහලේ පැවැත්වෙන සියලුම සායනවලට පැමිණෙන රෝගීන් ප්‍රමාණය ඉදිරි සතිය තුළ සීමා කරන බවද රෝහල් අධ්‍යක්ෂකවරිය පැවසීය.
එසේ වුව ද රෝහලේ අනෙකුත් දෛනික රාජකාරි කටයුතු සාමාන්‍ය පරිදි සිදු කෙරෙන බව එතුමිය තහවුරු කළා.






