Press "Enter" to skip to content

සමාජයෙන් කොරෝනා ආසාදිතයන් වාර්තා වීමේ අඩුවක්

කොරෝනා ආසාදිතයින් සමාජයෙන් වාර්තා වීමේ ප්‍රවණතාවයේ අඩුවක් දක්නට ලැබෙන බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා.

එහි ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මේ බව ප්‍රකාශ කළේ කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

මේ අතර, අද දිනයේදී තවත් ආසාදිතයින් 178 දෙනෙකු හඳුනා ගැනීමත් සමඟ මෙරටින් වාර්තාවන සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 23,662 දක්වා ඉහළ ගියා.