Press "Enter" to skip to content

සිංගප්පූරු මවකට කොවිඩ් ප්‍රතිදේහ ඇති දරුවෙක්

සිංගප්පූරු ජාතික කාන්තාවක් මාර්තු මාසයේදී ගර්භිණීව සිටියදී නව කොරෝනා වෛරසයට ගොදුරුව සිට පසුව සුවය ලබා ඇති අතර, ඇය මේ වනවිට බිහිකළ දරුවාද කොවිඩ්-19 වෛරසයට එරෙහි ප්‍රතිදේහ සහිතව මෙළොව එළිය දැක ඇති බව වාර්තා වෙයි.

කෙසේ වෙතත් ගර්භිණී කාන්තාවකට කොවිඩ්-19 ආසාදනය වීමේදී එය දරුවා වෙතද බලපෑමක් කළ හැකිද යන්න පිළිබඳ වූ නව ඉඟියක් මේ හරහා මතුව ඇති බව සිංගප්පූරු මාධ්‍ය පවසයි.

“මා ගර්භිණී සමයේදී මගේ ශරීරයේ වෛරසයට එරෙහිව ඇති වූ ප්‍රතිදේහ දරුවා වෙතද ලැබී ඇති බව මගේ වෛද්‍යවරයා විශ්වාස කරනවා” යැයි සෙලීන් එන්ග්-චෑන් නමැති මෙම මව කියා සිටියාය.

එන්ග්-චෑන් මාර්තු මාසයේදී කොවිඩ්-19 සුළු රෝග ලක්ෂණ සහිතව වෛරසට ගොදුරුව ඇති අතර, සති දෙකහමාරකට පසුව ඇය සුවය ලබා රෝහලෙන් පිටව ගොස් තිබේ.

කොවිඩ්-19 සහිත ගර්භිණී කාන්තාවකට ගර්භිණී සමයේදී හෝ දරු ප්‍රසූතියේදී වෛරසය ඇගේ කලලයට හෝ දරුවා වෙත ලැබීමක් සිදුවිය හැකිද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. එමෙන්ම මේ දක්වා, ක්‍රියාකාරී වෛරසය ගර්භාෂයේ හෝ මවුකිරිවල දරුවා වටා ඇති තරල සාම්පලවල සොයාගෙන නොමැත.

More from GossipMore posts in Gossip »