වැල්ලම්පිටිය කුමාරදාස පෙදෙසෙහි පදිංචිකරුවෙකු පෙරේදා (25දා) හදිසියේ මියයෑමෙන් පසුව ඔහුගේ දේහය ව්‍යාජ මරණ සහතිකයක් ඉදිරිපත් කර භූමදානය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වැල්ලම්පිටිය පොලිසිය විමර්ශන ආරම්භ කර තිබේ.
64 හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස මියගොස් ඇති අතර එදින ම පවුලේ උදවිය විසින් එම තැනැත්තාගේ මෘත ශරීරය මෙලෙස ව්‍යාජ මරණ සහතිකයක් ඉදිරිපත් කර දෙමටගොඩ සුසාන භුමියක භූමදානය කර ඇති බවට පොලිසියට තොරතුරු ලැබී ඇත.
මිය ගිය පුද්ගලයාගේ බිරිය සහ දරුවන්ගේ පී.සී.ආර්. පරීක්ෂණ සිදු කර ඔවුන් එම නිවෙසේ ම නිරෝධායනය කර තිබේ.
කොරෝනා වසංගතය තත්ත්වය හේතුවෙන් කිසිවෙකු නිවෙසේ හදිසියේ මිය යෑමකදී සෞඛ්‍ය අංශ සහ පොලිසිය දැනුවත් කළ යුතු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා සඳහන් කරයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලම්පිටිය පොලිසිය විමර්ශන ආරම්භ කර ඇති බවත් මෙම පුද්ගලයාගේ දේහය භුමදානය කිරීමට අදාළ ආධාර අනුබල දුන් සියලු දෙනා සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.






