Press "Enter" to skip to content

ඇහැළියගොඩ ඇඟලුම් කම්හලකින් කොවිඩ් ආසාදිතයන් 43 ක්

ඇහැළියගොඩ දියුරුම්පිටිය ප්‍රදේශයේ පිහිටා ඇති ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවය කරන, නිවෙස් නිරෝධායනය සඳහා යොමුකර සිටි 43 දෙනෙකු කොවිඩ් ආසාදිත බවට අද (27) හඳුනාගැණුනි.

ඒ, මීට දින 3කට පෙර සිදුකර තිබූ PCR පරීක්ෂණවල ප්‍රතිඵල අද දිනයේ පැමිණීමත් සමගය.

මෙම ඇඟලුම් කර්මාන්ත ශාලාවේ 1200ක් පමණ පිරිසක් සේවය කරන අතර ඔවුන්ව පසුගියදා නිරෝධායන සඳහා යොමු කර තිබුණි.

කොවිඩ් ආසාදිත බවට හඳුනාගත් පිරිස ඇහැළියගොඩ, කුරුවිට, වේයන්ගොඩ, දෙහිඕවිට, අවිස්සාවේල්ල, යටියන්තොට, රත්නපුර, පාදුක්ක, බෝකුන්දර, කොස්ගම, හෝමාගම, කරවනැල්ල ආදී ප්‍රදේශවල නිවෙස් නිරෝධායනය වෙමින් සිටි පිරිසකි.

කොවිඩ් -19 ආසාදිත මෙම රෝගීන් සියලුදෙනා කහවත්ත සහ ඇඹිලිපිටිය කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත යොමු කර තිබේ.

අදාළ කර්මාන්ත ශාලාවේ තවත් පිරිසකගේ PCR පරීක්ෂණවල ප්‍රතිඵල ලැබීමට නියමිතය.

More from GossipMore posts in Gossip »