Press "Enter" to skip to content

වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතියවත් නොමැති පුද්ගලයින්ගේ නම් 45ක් උපාධි ලැයිස්තුවේ

ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් ඉදිරියේදී ලබා දීමට නියමිත වෛද්‍ය උපාධි ලැයිස්තුවේ වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතිය නොමැති පුද්ගලයින්ගේ නම් 45ක් ඇතුළත් බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය චෝදනා කරයි.

කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවසුවේ වෛද්‍යවරයෙකු ලෙස පත්වීම් ලැබීමට අවම සුදුසුකම වන උසස් පෙළ විභාගයේ විද්‍යා විෂය ධාරාව යටතේ C සමාර්ථ දෙකක් සහ S සාමාර්ථයක් තිබිය යුතු බවත් එවැනි සුදුකම් නොමැති උසස් පෙළ අසමත් පිරිසක් වෛද්‍යවරුවන් බවට පත්වීමේ අවදානමක් පවතින බවය.

වෛද්‍ය සභාව මගින් වෛද්‍ය උපාධි ලබා දීමට කටයුතු කරන 98 දෙනෙකුගෙන් යුතු ලැයිස්තුවේ 7 දෙනෙකු උසස් පෙළ සියලු විෂයන් අසමත් බවත් එම ලැයිස්තුවේ 6 දෙනෙකු අඩු ම වශයෙන් උසස් පෙළ විභාගයට පෙනී සිට නොමැති බවට තොරතුරු පවතින බව වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවසීය.

ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ස්වාධීන කිරීමකින් තොරව පවතින තත්ත්වය වෙනස් කළ නොහැකි බවත් වෛද්‍ය සභාවේ සභාපතිවරයා සම්බන්ධයෙන් එල්ල වන චෝදනා සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙසත් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් ද කළේය.

More from GossipMore posts in Gossip »