Press "Enter" to skip to content

බූස්ස බන්ධනාගාරයේ කොවිඩ් ආසාදිතයන් 77ක්

බුස්ස බන්ධනාගාරයේ තවත් රැඳවියන් 9 කට කොරෝනා ආසාදනයවී ඇති බවට අද (27) තහවුරුවී ඇතැයි ගාල්ලදිස්ත්‍රික් වසංගත රෝග විද්‍යාඥ වෙනුර කේ සිංගාරච්චි මහතා පැවසීය.

කරාපිටිය රෝහලේ වෛද්‍යවරුන් සහ හෙද කාර්ය මණ්ඩලය විසින් ඊයේ රැඳවියන් 50දෙනෙකු සහ බන්ධනාගාර නිලධාරින් 27දෙනෙකු සඳහා කරන ලද පී.සී.ආර්.පරික්ෂණවලදි මෙම රැඳවියන් 9දෙනාට කොරෝනා ආසාදිතවී ඇති බවට හඳුනාගෙනඇත.

මේ අනුව බුස්ස බන්ධනාගාරයේ මේවනවිට හඳුනාගෙන ඇති ආසාදිතයින් සංඛ්‍යාව 77කි.