Press "Enter" to skip to content

කළුබෝවිල ප්‍රදේශයේ 08කට කොරෝනා ආසාදනය වෙයි

කළුබෝවිල, ප්‍රතිබිම්බාරාම, කැවුම් වත්ත ප්‍රදේශයෙන් කොරෝනා ආසාදනය වූ 08 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

ඒ, එම ප්‍රදේශයේ පුද්ගලයින් 30 දෙනෙකුට ඊයේ (26) සිදුකළ අහඹු පී.සී.ආර්. පරීක්ෂණවලදියි.

මේ වනවිට ඔවුන්ගේ ආශ්‍රිතයින් නිවාස තුළම ස්වයං නිරෝධායනයට යොමුකර ඇති බවයි දෙහිවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ඉන්දික කුලවර්ධන සඳහන් කළේ.