මන්නාරම ප්‍රදේශයේ විද්‍යාලයක ගුරුවරයෙකු කේරළ ගංජා ළඟ තබා ගැනීම හේතුවෙන් අද (26) අත්අඩංගුවට ගෙන ඇති බව මන්නාරම් පොලිසිය පවසයි.
මන්නාරම 54 සේනාංකයේ යුද්ධ හමුදා බුද්ධි අංශයට ලැබුණු තොරතුරකට අනුව මන්නාරම පොලිසියේ ද සහය ඇතිව අදාළ විද්‍යාලයට ඇතුළු වන දොරටුව ඉදිරියේදී අදාළ ගුරුවරයා කේරළ ගංජා සමගින් අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහුගේ බෑගය තුළ තිබී කේරළ ගංජා ග්‍රෑම් 500ක් පමණ අසුරන ලද කුඩා පාර්සල් තුනක් තිබී හමු වී ඇත.
ඒ අනුව, එම ගුරුවරයා වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මන්නාරම පොලිසියට භාර දී තිබේ.
අදාළ ගුරුවරයා උදෑසන පාසල තුළට යන අවස්ථාවේදී මෙලෙස කේරළ ගංජා සමග අත්අඩංගුවට පත්වීම හේතුවෙන් ගුරුවරයා පාසල් ළමුන්ට කේරළ ගංජා අලෙවි කිරීමට උත්සහ ගෙන ඇත්දැයි යන්න පිළිබඳව සැක සහිත බැවින් ඒ පිළිබඳව පූර්ණ විමර්ශනයක් සිදු කිරීමට ද මන්නාරම් පොලිසිය පියවර ගෙන ඇත.






