Press "Enter" to skip to content

බණ්ඩාරගම 242කට කොවිඩ්

බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිත රෝගීන් 242 දෙනකු අද(26) වනවිට වාර්තා වී ඇත.

එයින් වැඩිම පිරිස වන ආසාදිත පුද්ගලයන් 170දෙනෙකු වාර්තා වී ඇත්තේ හුදකලා කරන ලද අටුලුගම ඇතුළු ග්‍රාම සේවා හතෙන්‍ ය.

අටලුගම ප්‍රදේශයෙන් ආසාදිත රෝගීන් බහුතරයක් දෙනා වාර්තාවීමත් සමගම බණ්ඩාරගම නගරයේ ව්‍යාපාරිකයන් එම ව්‍යාපාරික ස්ථානවල සේවකයන් හා අහඹු ලෙස බණ්ඩාරගම නගරයට පැමිණි 300 අධික පිරිසක් ඊයේ (25) බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල භූමියේ දී රැපික් ඇන්ටිජන් පරීක්ෂණයට හා පි සි.ආර් පරීක්ෂණයට භාජනය කළ බව වාර්තා වේ.

More from GossipMore posts in Gossip »