Press "Enter" to skip to content

ශානි අබේසේකරට කොවිඩ්

බන්ධනාගාරගතව සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර හට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බවට බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග සඳහන් කරයි.

මහර බන්ධනාගාරයේ රඳවා සිටියදී ඔහුට වෛරසය වැළඳී ඇති අතර ප්‍රතිකාර සඳහා ඔහු වැලිකඩ බන්ධනාගාර රෝහලට ඇතුලත් කර ඇත.

ව්‍යාජ සාක්ෂි නිර්මාණය කිරීමේ චෝදනා මත ශානි අබේසේකර අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති අතර ඒ සම්බන්ධ විමර්ශන ක්‍රියාත්මක වෙමින් පවතී.