Press "Enter" to skip to content

යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකු මහමග ඇද වැටී මියගොස් සිටියදී හමුවෙයි

යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකු ඊයේ (24) සවස මාර්ගයේ ඇද වැටී මියගොස් සිටියදී හමු වුණු බව පානදුර දකුණ පොලිසිය පවසයි.

මිය ගිය තැනැත්තා පානදුර, පින්වත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි 80 හැවිරිදි පුද්ගලයෙකු බවත් ඔහු ජ්‍යෙෂ්ඨ පොලිස් නිළධාරියෙකුගේ මාමණ්ඩිය බවත් දේහය හදුනාගැනීමට පැමිණි ඥාතීන් ප්‍රකාශ කර තිබේ.

එම පුද්ගලයා ගාලු පාරේ සිට මුහුදු වෙරළ දෙසට යතුරු පැදියෙන් ගමන් කරමින් සිටියදී මෙලෙස මාර්ගයේ ඇද වැටී ඇති අතර ප්‍රදේශවාසීන් ගිලන් රථයක් ගෙන්වා ඔහු රෝහල වෙත රැගෙන යාමට කටයුතු කිරීමේදී මියගොස් ඇති බවට තහවුරුවී ඇත.

පසුව සෞඛ්‍ය නිලධාරීන් මෘත දේහය පරීක්‍ෂා කිරීමෙන් අනතුරුව එය පානදුර මූලික රෝහල වෙත රැගෙන යාමට කටයුතු කර තිබේ.

මේ අතර, මෘත දේහය පී.සී.ආර්. පරීක්‍ෂණයක් සඳහා භාජනය කරන බව පානදුර නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්‍ෂක ආර්.පී.ඒ. සඳරුවන් මහතා පැවසීය.

පානදුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සංජය ඉරසිංහ සහ පොලිස් අධිකාරී උදය අමරතුංග යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි පානදුර මූලස්ථාන පොලිස් පරීක්‍ෂක චමින්ද පින්තු මහතාගේ මෙහෙයවිමෙන් සැරයන් පුෂ්පකුමාර (41125) සිද්ධිය සම්බන්ධයෙන් වැඩි දුර විමර්ශන පවත්වයි.
(mawbima.lk)

More from GossipMore posts in Gossip »