Press "Enter" to skip to content

කොවිඩ් රෝහලක හෙද හෙදියන් නිහඬ විරෝධයක

කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කරන මාතර, නව දිස්ත්‍රික් මහ රෝහලේ හෙද හෙදියන් අද (24) නිහඬ විරෝධතාවයක නිරත විය.

ඒ, තමන් වෙත ලැබෙන පහසුකම් ප්‍රමාණවත් නොවන බවට චෝදනා කරමින්ය.

විරෝධතා පුවරු රැගෙන රෝහල් භූමිය තුළ මෙම විරෝධතාවය සිදු කෙරුණි.

ප්‍රවාහන පහසුකම්, සෞඛ්‍ය පහසුකම්, ආහාර සහ නවාතැන් පහසුකම් ප්‍රමාණවත් නොවන බවට සඳහන් පුවරු රැගෙන හෙද හෙදියන් මෙම විරෝධතාවයේ නිතර විය.

කොවිඩ් රෝගීන් 200ක් පමණ ප්‍රතිකාර ලබන මෙම රෝහල තුළ හෙද හිඟයක්ද පවතින බව විරෝධයේ නිරතවූවන් පැවසීය.

More from GossipMore posts in Gossip »