Press "Enter" to skip to content

රට පුරා බෙහෙත් බෙදන ඖෂධ සැපයුම් අංශයේ කොවිඩ්

සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයේ සේවය කරන සේවකයන් හයදෙනකුට කොවිඩ් 19 වයිරසය ආසාදනය වීම නිසා ඖෂධ බෙදාහැරීමේ කටයුතුවලට බලපෑම් ඇති වී තිබේ.

දිවයින පුරා සියලුම ​රෝහල්වලට ඖෂධ හා වෛද්‍ය උපකරණ බෙදාහරින වෛද්‍ය සැපයුම් අංශයේ සියලු සේවකයන් ඊයේ (23 වැනිදා) පී.සී.ආර්. පරීක්ෂාවකට ලක් කෙරිණි. දිවයිනේ සියලුම රෝහල් සඳහා ඖෂධ ලබාගැනීමට දිනකට වාහන පනහකට ආසන්න සංඛ්‍යාවක් මෙම පරිශ්‍රයට පැමිණෙන අතර එම වාහන සීමා කිරීමටද සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇත.

වෛද්‍ය සැපයුම් අංශයෙන් ඖෂධ ලබාගෙන ගිය පළාත් හා දිස්ත්‍රික් රෝහල් කාර්ය මණ්ඩලවලටද රෝගය පැතිර යාමේ අවදානමක්ද මතුව ඇත.

ආසාදිත පුද්ගලයන් පසුගිය සතියේ සිට සේවයේ නියුතුව ඇති බැවින් ඔවුන්ගේ පළමු පෙළ ආසාදිතයන් පී.සී.ආර්. පරීක්ෂාවට ලක්කර රෝහල්ගත කරන බවත් අවශ්‍ය වන්නේ නම් දෙවැනි පෙළ ආශ්‍රිතයන්ද පරීක්ෂාවට ලක්කිරීමට කටයුතු කරන බව අප කළ විමසුමකට පිළිතුරු දෙමින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ​අතිරේක ලේකම් වෛද්‍ය සුනිල් ද සිල්වා සඳහන් කළේය.

කෙසේ වෙතත මීට පෙරද සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සේවා, සැලසුම් ඇතුළු අංශ ගණනාවක සේවකයන්ට කොවිඩ් 19 රෝගය වැලඳුණු බවද සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

More from GossipMore posts in Gossip »