Press "Enter" to skip to content

බේරුවල ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකුට කොරෝනා

බේරුවල ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකුට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.

එම මන්ත්‍රීවරයා අළුත්ගම දර්ගා නගරයේ පදිංචිකරුවෙකු බව සෞඛ්‍ය අංශ පවසයි.

මොහු ඇතුළු 83දෙනෙකු පසුගිය ඉරිදා දිනයේ පී.සී.ආර්. පරීක්ෂණය සිදුකළ අතර නගරයේ පදිංචිකරුවන් දෙදෙනෙකුට කොවිඩ් වැළදී ඇති බවට පසුගියදා තහවුරු වී ඇත.

එහිදී හෙළි වී ඇත්තේ මෙම ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයාට ද කොරෝනා ආසාදනය වී ඇති බව සෞඛ්‍ය අංශ සදහන් කරයි.

More from GossipMore posts in Gossip »