Press "Enter" to skip to content

ඊයේත් වැඩිම ආසාදිතයින් කොළඹින් – මහනුවරිනුත් 27ක්

ඊයේ (22) දිනය තුළ මෙරටින් කොවිඩ් ආසාදිතයින් 400ක් හඳුනාගෙන තිබේ.

ඉන් පුද්ගලයින් 391ක් දේශීයව හඳුනාගත් බව කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කරයි.

සෙසු 9 දෙනා විදේශීය රටවල සිට මෙරටට පැමිණි ලාංකීකයින් වේ.

ඊයේ දිනයේ දීත් වැඩිම ආසාදිතයින් පිරිසක් වාර්තා වී ඇත්තේ, කොළඹ දිස්ත්‍රික්කයෙනි. ඒ 121ක් ලෙසය.

ගම්පහ දිස්ත්‍රික්කයෙන් 112ක් හා මහනුවරින් ආසාදිතයින් 27ක් හඳුනාගෙන තිබේ.

මේ අනුව මිනුවන්ගොඩ හා පෑලියගොඩ කොවිඩ් පොකුර 16,639ක් දක්වා ඉහළ ගියේය.

ඊයේ දිනයේ දී මෙරට සිදුකර ඇති පීසීආර් පරීක්ෂණ සංඛ්‍යාව 12,095කි.