Press "Enter" to skip to content

මහර බන්ධනාගාරයේ රැදවියකු කොවිඩ් ආසාදනයෙන් මරුට

වැලිකඩ බන්ධනාගාරයේ සිට මහර බන්ධනාගාරයේ රදවා තැබීමට රැගෙන විත් සිටි රැදවියකු කොවිඩ් ආසාධනය වීම නිසා මරණයට පත්ව ඇති බව පොලීසිය පවසයි.

මිනීමැරුම් චෝදනා මත බන්ධනාගාර ගතව සිටි උඩුබුලත්ගම ගිනිගත්හේන ප්‍රදේශයේ පදිංචි 72 හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස මියගොස් ඇත. උක්ත සැකකරු ඉකුත් 21 දා මහර බණ්ඩනාගාරයේ දී ඇතිවූ රෝගී තත්ත්වයක් හේතුවෙන් රාගම රෝහලට ඇතුළත් කර ඇත. රාගම රෝහලේ කොවිඩ් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී 22 දා සවස මරණයට පත්ව තිබේ. මියගිය රැදවියා සම්බන්ධයෙන් කරනු ලැබූ PCR පරීක්ෂාවේදී අනාවරණය වී ඇත්තේ ඔහු කොවිඩ් ආසාදිතයකු බවයි.

More from GossipMore posts in Gossip »