Press "Enter" to skip to content

පන්දුව ගැනීමට වත්තට ආ සිසුවාට වායු රයිෆලයෙන් වෙඩි තැබූ වෛද්‍යවරයා අත්අඩංගුවට

පන්නිපිටිය, ඇරැව්වල ධර්මපාල විද්‍යාලයේ ක්‍රීඩා පිටියේ සෙල්ලම් කරමින් සිටි 17 හැවිරිදි පාසැල් සිසුවෙකු පන්දුව ක්‍රීඩා පිටිය අසල පිහිටි වත්තකට යාම නිසා එය නැවත ගැනීමට යාමේදී පුද්ගලයෙකු විසින් වායු රයිෆලයකින් වෙඩි තැබීම හේතුවෙන් එම සිසුවා තුවාල ලබා රෝහල් ගත කොට තිබෙනවා.

පොලිසිය පැවසුවේ මෙම සිදුවීම ඊයේ සවස සිදුවී ඇති බවයි.

මෙලෙස පාසැල් සිසුවාට වෙඩි තබා ඇත්තේ මහරගම අපේක්ෂා රෝහලේ සේවය කරනු ලබන වෛද්‍යවරයෙකු වන අතර ඔහුව මහරගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

තුවාල ලැබූ පාසැල් සිසුවා කළුබෝවිල රෝහලට ඇතුලත් කර ඇති අතර ඔහුගේ තත්ත්වය බරපතල නොවන බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ.

අත්අඩංගුවට ගනු ලැබූ සැකකාර වෛද්‍යවරයා අද දිනයේදී නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරිමට නියමිතයි.

More from GossipMore posts in Gossip »