Press "Enter" to skip to content

ඊයේත් වැඩිම ආසාදිතයින් කොළඹ දිස්ත්‍රික්කයෙන්

ඊයේ දේශීය වශයෙන් හඳුනා ගැනුණු කොරෝනා ආසාදිතයින් 435 දෙනා අතරින් වැඩිම සංඛ්‍යාවක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබෙනවා.

කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළේ කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 160 ක් සහ ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 71 ක් වාර්තා වූ බවයි.

එමෙන්ම, කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 21 ක් ඊයේ වාර්තා වී තිබෙනවා.

එසේම, විදේශීය රටවල සිට පැමිණි මුහුදු ආරක්ෂකයෙකුට සහ විදේශිකයින් තුන් දෙනෙකුටද කොරෝනා වෛරසය වැළඳී ඇති බව එම ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළා.

ඒ අනුව ඊයේ දිනයේ මෙරටින් වාර්තා වූ මුළු කොරෝනා වෛරස ආසාදිතයින් සංඛ්‍යාව 439 ක් ලෙසයි එමඟින් නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.