ඉහළ සක්‍රියතාවක් සහිත ඇමෙරිකානු ෆයිසර් ආයතනයේ කොවිඩ් 19 එන්නත හදිසි භාවිතය සඳහා එරට ඖෂධ නියාමන අධිකාරිය වන මධ්‍යම ඖෂධ පරිපාලනය වෙත යොමුකර තිබෙනවා.
එය කොවිඩ් 19 ව්‍යාප්තිය වැළැක්වීමේ නව ඉදිරි පියවරක් ලෙසයි සැලකෙන්නේ.
ෆයිසර් කොවිඩ් එන්නත මෙලෙස හදිසි භාවිත අනුමැතිය සඳහා ඉදිරිපත් කර ඇත්තේ ඇමරිකානු ෆයිසර් සමාගම සහ ජර්මානු බයෝ එන්ටෙක් සමාගම එන්නතෙහි කාර්යක්ෂමතාව සියයට 95 ක් ලෙස ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුවයි.
ෆයිසර් – බයෝ එන්ටෙක් එන්නත මගින් සාර්ථක ප්‍රතිඵල අත්කර දෙන අතර, අතුරු ප්‍රතිඵල අවම බව අවසන් අත්හදා බැලීම් වලින් තහවුරු වී තිබෙනවා.






