Press "Enter" to skip to content

කොරෝනා යළි ආසාදනය වීම ගැන නව මතයක්

කොරෝනා වෛරසය ආසාදනය වී සුවය ලැබූ පුද්ගලයෙකුට අවම වශයෙන් මාස 06 ක් යනතුරු වෛරසය යළි ආසාදනය වීමේ හැකියාව ඉතා විරල බව බ්‍රිතාන්‍යයේ සිදුකළ අධ්‍යයනයකින් හෙලි වී තිබෙනවා.

ඔක්ස්ෆර්ඩ් සරසවියේ පර්යේෂකයන් සිදුකළ මෙම අධ්‍යයනය සඳහා යොදාගෙන ඇත්තේ කොරෝනා මර්දන ක්‍රියාවලියේ මුල් පෙල සිටින සෞඛ්‍ය සේවකයින් පිරිසක්.

මේ අනුව කෙටි කාලීනව හෝ කොරෝනා ආසාදනය එකම පුද්ගලයෙකුට දෙවතාවක් සිදුනොවීම සුබදායී පුවතක් බවයි ඔක්ස්ෆර්ඩ් සරසවියේ ජනගහන සෞඛ්‍ය පිළිබඳ දෙපාර්තමේන්තුවේ මහාචාර්ය ඬේවිඩ් අයර් ප්‍රකාශ කළේ.

කොරෝනා වෛරසය ආසාදනය වී සුවය ලැබූ ඇතැම් පුද්ගලයින් තුළ ප්‍රතිශක්තිය කෙටි කාලයක් තුළ දුර්වලවීමේ සිද්ධීන් කිහිපයක් පසුගිය කාලය තුළ වාර්තා වුණා.

එහෙත් ඔක්ස්ෆර්ඩ් අධ්‍යයනයෙන් අනාවරණ වී ඇත්තේ ඒ සඳහා පවතින්නේ ඉතා විරල අවස්ථාවක් බවයි.

කෙසේ නමුත්, කොරෝනා ආසාදිත වී සුවය ලැබූවෙකු තුළ රෝගය සඳහා ප්‍රතිශක්තිය කොතෙක් කල් පවතින්නේද යන්න පිළිබඳව තවදුරටත් අධ්‍යයනය කළ යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ තාක්ෂණික ප්‍රධානී මරියා වෑන් කර්කොව් ප්‍රකාශ කළා.

More from GossipMore posts in Gossip »