Press "Enter" to skip to content

අරක්කු, සිගරට් හා බීර මිල ඉහලට – ජනවාරියේ සිට අලුත් බද්දක්

අරක්කු, සිගරට්, බීර සහ සන්නිවේදන සේවාවලටත් ඔට්ටු හා සූදු ව්‍යාපාරවලටත් මෝටර් රථ ව්‍යාපාරයටත් අදාළ වන ලෙස අලුතෙන් භාණ්ඩ හා සේවා බද්ද (ජී.එස්.ටී.) පැනවීමට රජය තීන්දු කර ඇතැයි වාර්තා වේ.

මේ බදු යෝජනාව පසුගියදා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අයවැය කතාවෙහි ඇතුළත්ව තිබේ.

නව බද්ද ලබන ජනවාරි මාසයේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිත බවද පැවසේ.

කෙසේවුවද, ඊට අදාළ බදු ප්‍රතිශතයන් මෙතෙක් තීරණය කර නැතත් එය ඉතා ඉක්මණින් ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවද වාර්තා වේ.

මෙම භාණ්ඩ හා සේවාවලට දැනට බලපවත්වන බදු වර්ග ගණනාවක් වෙනුවට එක් බද්දක් අය කිරීම මෙම සංශෝධනයේ අරමුණ බවද පැවසේ.

More from GossipMore posts in Gossip »