Press "Enter" to skip to content

කොවිඩ් ආසාදිත කාන්තාව සොයා ගැනීමට පොලීසිය ජනතා සහය පතයි

කොවිඩ් ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටිය දී කොළඹ IDH රෝහලෙන් පළාගිය කාන්තාව සොයා ගැනීම සඳහා පොලීසිය ජනතාවගෙන් සහයෝගය ඉල්ලා සිටිනවා.

ඊයේ රාත්‍රීයේදී එම කාන්තාව සිය වයස අවුරුදු දෙකහාමාරක් පමණ වයසැති දරුවා ද සමග රෝහලෙන් පළාගොස් තිබුණා.

පසුව ඇය විසින් දරුවා ඇහැළියගොඩ ප්‍රදේශයේ ඥාති නිවසකට භාර දී එතැනින් ද පළාගොස් ඇති බවයි පොලිස් විමර්ශන වලදී හෙළිවී ඇත්තේ.

කෙසේවෙතත් අද (20) උදෑසන පොලීසිය විසින් දරුවා සොයාගෙන නැවත රෝහල් ගත කිරීමට අවශ්‍ය කටයුතු යොදා තිබෙනවා.

25 හැවිරිදි එම කාන්තාව මහා පරිමාණ හෙරොයින් මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ තැනැත්තියක් බව ද පොලීසිය සඳහන් කළේ. ඇය සොයා ගැනීම සඳහා මේ වන විටත් පොලීසිය කටයුතු කරමින් සිටී.

පළාගිය කාන්තාවගේ ඡායාරූපයක් පහතින් දැක්වේ.

More from GossipMore posts in Gossip »