Press "Enter" to skip to content

කටුනායක බෝඩිමකින් කොරෝනා රෝගීන් 17ක්

කටුනායක ප්‍රදේශයේ නේවාසිකාගාරයක සිටි 17දෙනෙකුට කොවිඩ්-19 ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.

සීදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය සහිරු පෙරේරා මහතා සඳහන් කළේ මෙම ආසාදිතයින් 17 දෙනා හඳුනා ගැනුණේ එම නේවාසිකාගාරයේ සියලුදෙනා ඒ තුළම ස්වයං නිරෝධායනයට යොමු කර සිටියදී බවයි.

එම නේවාසිකාගාරයේ කොවිඩ් ආසාදනය වූ 17දෙනා ඇතුළුව 57දෙනෙකු රැඳී සිට තිබේ.

ඔවුන් අතර වැඩි පිරිසක් කටුනායක ආයෝජන ප්‍රවර්ධන කලාපයේ සේවකයින් බව ද සීදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය සහිරු පෙරේරා මහතා මාධ්‍යට පවසා තිබේ.

More from GossipMore posts in Gossip »