මේවන විට හුදෙකලා කර ඇති පොලිස් වසම් තවදුරටත් හුදෙකලා කර තබන්නේද නැති නම් එම පොලිස් වසම්වලින් කොරෝනා ව්‍යාප්තියක් සිදුනොවන ප්‍රදේශයන් හුදෙකලා භාවයෙන් මුදා හරින්නේද යන්න මේ සති අන්තයේදී තීරණය කරන බව කොරෝනා ව්‍යාප්තිය වැළැක්වීමේ ජාතික ක්‍රියාත්මක මධ්‍යස්ථානයේ ප්‍රධානි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.
කොරෝනා අවදානමක් පවතින ප්‍රදේශවල පමණක් හුදෙකලාව පවත්වාගෙන යෑමටත් අනෙකුත් ප්‍රදේශයන් යළි විවෘත කිරීමට අවධානය යොමු වී ඇති බවද යුද හමුදාපතිවරයා පවසයි.
මීට අදාළව විශ්ලේෂණයන් දිනපතා කරන බවත් මෙම සති අන්තයේ කරන විශ්ලේෂණයෙන් පසුව අදාළ තීරණය ගන්නා බවද ඒ මහතා කියා සිටියි.
අවදානමක් නොමැතිව ප්‍රදේශ නිකරුණේ හුදෙකලා කිරීමට අවශ්‍ය නොවන බවද හමුදාපතිවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.






