Press "Enter" to skip to content

ජනාධිපතිතුමා එකතුවෙලා වැඩකරමු කිව්වොත් අපි කැමතියි – හරීන්

ජනාධිපතිවරයා ආරාධනා කළහොත් කොවිඩ් මර්දන වැඩපිළිවෙළ සඳහා සමගි ජනබලවේගයපුර්ණ සහයෝගය ලබා දීමට සුදානම් බව හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා පවසයි.

ඔහු සඳහන් කරන්නේ නිලතල වරප්‍රසාද වලින් තොරව නිවැරදි යෝජනා සඳහා සහය ලබාදීමට
සමගි ජනබලවේගය සුදානම් බවය.

“ආණ්ඩුව ගේන ඕනම හොඳම යෝජනාවකට අපි සූදානම්. හැබැයි ඩීල්වලට අපිට සහභාගී වෙන්න බෑ. ඒවා අස්සෙන් ගහල එන ඒවටත් අපිට සහය දෙන්න බෑ. හැබැයි ජනාධිපතිතුමා අපිට ආරාධනා කළොත්, ඉදිරි මාස 6යේ මෙන්න මගේ වැඩපිළිවෙල. මෙන්න මේකයි මගේ අධ්‍යයනය මේ සම්බන්ධයෙන්. ඒ නිසා එකතුවෙලා වැඩකරමු කිව්වොත් අපි කැමතියි. එතකොට අපේ නායකවරු කිහිපදෙනෙක් ගිහිල්ලා කණ්ඩායමක් හැටියට අපිත් මේ වගකීමේ කොටසක් අරගෙන ජනතාව වෙනුවෙන් යමක්කරයි, එහෙම නැතුව තනතුරු වරප්‍රසාද ගන්න නෙමෙයි. මොකද එතුමා ෆේල් වුණොත් රටක් හැටියට අපි ෆේල්.” යනුවෙන් ද සඳහන් කළේය.

More from GossipMore posts in Gossip »